පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් කරන ලද පැමිණිල්ලක් අනුවයි එම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.
පසුගියදා පැවැත්වූ වැඩවර්ජනයේදී සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් එම පහරදීම සිදුකර ඇති බවත් පොලීසිය පවසනවා.
සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් සමථ මණ්ඩලය වෙත යොමුකළ බවයි වාර්තා වන්නේ.