තම රජයේ පළමු අය-වැයෙන් ම රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නංවන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. පෞද්ගලික අංශය සමඟද සාකච්ඡා කර පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප්ද ඉහළ දමන බවයි ඊයේ (04) වැල්ලවාය නගරයේ පැවැති ජන රැළියක් අමතමින් ජනපතිවරයා ප්රකාශ කළේ.
පාසල් සිසුන් සඳහා ද දීමනාවක් ලබා දෙන බවත් ග්රාමීය ජනතාව දුප්පත්කමින් මුදා ගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනපතිවරයා, තම රජය රටේ ජනතාවගේ නිදහස තහවුරු කර ඇති බවත් වෙනදා මෙන් ප්රචණ්ඩත්වයෙන් තොර මැතිවරණ කාලයක් එනිසවෙන් උදාවී ඇති බවත් අවධාරණය කළා.