Sat. Jun 28th, 2025

රත්‍රං මිශ්‍ර ලෝහ කැටයක් එක්ක අයිස් තියන් ඉඳලා කොටුවෙයි

Jun12,2024

පුරා වස්තු සහිත ස්ථානයක කැනීම කර ලබාගත් රත්‍රං මිශ්‍ර වටිනා ලෝහ කැටයක් විකිණීමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරකට අනුව ගිරිබාව සගබෝපුර වරාවැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගැනුණේ.

පුරාවස්තු සහිත ස්ථානයක කැනීම් කර ලබා ගත් බවට සැකකෙරෙන කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 854 ක බරින් යුත් රත්‍රං මිශ්‍ර ලෝහ කැටයක් එහිදී සොයා ගෙන තිබෙනවා.

එය සන්තකයේ තබාගෙන සිටි 41 හැවිරිදි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400 ක් ද සොයා ගත් බවයි වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගිරිබාව පොලිසි ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *