පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිට යාපනයේ රන් වෙළෙඳසැලක් පරීක්ෂා කර එම රන් බඩු එල්ටීටීඊ සංවිධානයට අයත් බවත් ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් එහි හිමිකරුගෙන් ලබා ගත් පිරිසක් ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම පිරිස වෙළඳසැලේ තිබු ආරක්ෂිත කැමරා පද්ධතියද ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.
වෙළෙඳසැලේ ඇති රන්බඩු තොගය විමර්ශන පිණිස කොළඹ ගෙන යා යුතු බව පවසා ව්‍යාපාරිකයා බිය ගන්වා මෙලෙස මුදල් ලබා ගත් බවයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.