Sat. Jun 28th, 2025

රිය අනතුරු ගැන බියකරු අනාවරණයක්!

Jan6,2025 #news #police

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 12140ක් අහිමි වී ඇති බව පොලිසිය පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව කළ සමීක්ෂණයකදී මේ තොරතුරු හෙළි වී තිබෙනවා.

2020 වසරේ දී 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක්, 2022 වසරේදී 2,540 දෙනෙක්, 2023 වසරේදී 2,321 දෙනෙක් සහ 2024 වසරේදී 2,359 දෙනෙක් වශයෙන් අනතුරු නිසා මියගොස් ඇති බව වැඩිදුරටත් හෙළි වෙනවා.

ඒ අතර පසුගිය වසරේ සිදුවූ අනතුරු සම්බන්ධ තොරතුරුවලින් හෙළිව ඇත්තේ බස් රථ අනතුරුවලින් වැඩිම අනතුරු ප්‍රමාණයක් පෞද්ගලික බස් රථ නිසා සිදුව ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *