Mon. Jun 30th, 2025

දිය ඇල්ලකින් වැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Jul11,2024

ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටී 19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි තරුණියක්.

පසුගිය 25 වැනිදා ඇය මෙරටට සංචාරයක් සඳහා සිය පෙම්වතා සමග පැමිණ ඇති බවත් පසුව මෙවුන් යුවල ඇල්ල ප්‍රදේශයේ සංචාරයකත් නිරතව තිබෙනවා.

එසේ පැමිණි මොවුන් දෙදෙනා තවත් විදේශීය සංචාරක යුවලක් සමග ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදි ගල් පරයක් උඩ නැගී ඡයාරූප ගැනීමේදි ඇය ඉන් ලිස්සා ගොස් තිබෙනවා.

මෙහිදී වහා මැදිහත් වූ ගම්වාසීන් මහත් වෙහෙසක් දරා ඇයව ප්‍රපාතයෙන් උඩට ගෙන විත් වහාම වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදියි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *