මාස 3ක කිරිකැටි බිළිඳියක් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය පවසනවා. මාරවිල, දෙමටපිටිය, ධම්මිකගම පදිංචි යුවළකගේ දරුවෙකු මෙසේ මිය ගොස් ඇති අතර ඔවුන් කොහු මෝලක සේවකයන් බවයි අනාවරණය වී ඇත්තේ.
සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති දැරිය මව්පියන් සමඟ නිවසේ බිම නිදාගෙන තිබෙනවා. පසුව ඇගේ නාසයෙන් ලේ සහ කිරි වැනි ද්‍රව්‍යයක් ගලාගොස් තිබු බව විමර්ශනවලදි හෙළිවුණා.