Sat. Jun 28th, 2025

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය යයි

Aug1,2024

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් ඉන්දීය ධීවරයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *