Mon. Jun 30th, 2025

මූල්‍ය පහසුකම් පැකේජයක්

Jul18,2024

අසීරුතාවන්ට මුහුණපා සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) නැවත සවිබලගැන්වීමේ අරමුණින් ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එමඟින් ආර්ථික අර්බුද සමයේ ඊට මුහුණ දුන් සහ මේ වන විටත් පවත්වාගෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම මෙන්ම අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා කාරක ප්‍රාග්ධනය සඳහා 8%ක් ද, ආයෝජනය සඳහා 7%ක් ද වන සේ දැරිය හැකි සහන පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට හැකියාව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *