Sat. Jun 28th, 2025

පාස්පෝට් අවුල විසඳන්න පියවර කීපයක්!

Feb5,2025 #news

විදේශ ගමන් බලපත්‍ර ලබා දීම වේගවත් කිරීම සඳහා අමතර කාර්යමණ්ඩලයක් සපයා ගැනීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

තවත් විදේශ ගමන් බලපත්‍ර 1100000ක් ලබා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලියද මේ වන විට ආරම්භ වී ඇතැයි සඳහන්.

විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කර දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගෙන සිටින නිලධාරීන්ගෙන් පූරණය කර ගැනීමට පියවර ගැනෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *