Sat. Jun 28th, 2025

බෝම්බ බිය ඇති කළ පිය පුතු දෙපළ ඇතුළට

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පියකු සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය පවසන පරිදි සැකකරුවන් පෙරේදා ගුවන් තොටුපළේ දුරකථන ක්‍රියාකරුට මෙම දුරකථන ඇමතුම ලබා දී තිබෙනවා.

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයකදී වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 30 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *