Sun. Jun 29th, 2025

අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Jul24,2024

අද (24) අලුයම දක්ෂිණ අධිවේගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ 174.2 ආර් ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපසින් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පිටුපස ලොරි රථයේ රියදුරු, රිය සහායක සහ ඉදිරියෙන් ධාවනය කළ ලොරියේ රිය සහායකයා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ලොරියේ රිය සහායකයා මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි හල්ගහඔය, නුවරඑළියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *