ඇමැති සුනිල් හඳුන්නෙත්තිගේ නම සහ රුව භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් වංචාසහගත ලෙස මුදල් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය 30 දා රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.
සැකකරුවන්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසට ද එම නියෝගයේ දැක්වෙනවා.
කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති හඳුන්නෙත්ති රහස් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇතැයි සඳහන්.
මේ වන විට විමර්ශන සිදු කරමින් සිටින බව රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නා.