Sat. Jun 28th, 2025

මැතිවරණ රාජකාරියට සුරාමතින් ඇවිත් මාට්ටු

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථයේ රියදුරු බීමත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු බීමත්ව සිටින බවත් රිය පැදවීමට නොහැකි බවත් තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් දෙදෙනකු විසින් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වෙත කළ දැනුම්දීමෙන් පසු මෙම රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන තිබෙන බව පැවසෙනවා.

පසුව එම මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකා සහ පෙට්ට් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි වෙනත් වාහනයකින් අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව සඳහන්.

සිද්ධියට සම්බන්ධයෙන් බීමත් රියදුරු වෛද්‍ය පරීක්ෂණකට යොමුකළ බවත් මොහු අවුරුදු 50 පමණ වන වල්පොල දෙල් ඔලුව දැරණියගල පදිංචි අයෙක් බවත් පොලීසිය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *