Tue. Jul 1st, 2025

වතු කම්කරු වැඩි වැටුප ගැන පඩි පාලක සභාව සහ ජනපති අතර සාකච්ඡාවක් අද

Aug12,2024

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පුවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය මඟින් පෙරේදා (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *