Wed. Apr 30th, 2025

මන්ත්‍රී වාහන බලපත්‍ර ගැන තීන්දුවක්!

Dec27,2024 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබා දෙන දිනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පෙර රජයන් විසින් භාවිත කළ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු කරමින් යන බවයි ඇමැතිවරයා පවසන්නේ.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් තවමත් තම පෞද්ගලික වාහන භාවිත කරන බව පවසන ඇමැතිවරයා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් වාහන ලබා දීමට තම රජය තීරණය කර ඇතද තවම ඒ සඳහා දිනයක් නැති බවත් ඔවුන් සඳහා නව වාහන නොගෙන්වන බවත් කියා සිටිනවා.

මෙයට පෙර මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා නොදීමට රජය තීරණය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *