Tue. Jun 24th, 2025

සමෘද්ධි නිලධාරීන් ගැන තීරණයක්

Aug27,2024

සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

2013 අංක 01 දරන දිවිනැගුම පනත හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුවපිහිටුවීමේදී එවකට සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන ලද සේවකයින් හට එම පනතේ ප්‍රතිපාදන යටතේ තම මනාපය පරිදි විශ්‍රාම වැටුපක් සහිතව එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තග්‍රහණය වීමට අවස්ථා කිහිපයකදී අවස්ථාව සලසා දී තිබුණා..

එහෙත් විවිධ කරුණු හේතුවෙන් තම මනාපය සංශෝධනය කිරීමට නොහැකි වූ සේවකයින් 3,000 ක් පමණ සිටින බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, පවතින නීතිමය රාමුව තුළ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසමින් සමෘද්ධි සංර්වර්ධන දෙපාර්‌තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වීමට එකී සේවක පිරිසට අවස්ථාව සලසා දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *