මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසනවා
මෙලෙස මියගොස් තිබුණේ රත්මලාන රජ මාවත පාර පදිංචිව සිටි එස් සෙල්ලව රාජ් නැමැති 63 හැවිරිදි පුද්ගලයෙක්
මියගිය පුද්ගලයා ඊයේ (6) දහවල් රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරනවාඅ
නාවික හමුදාව සහ පොලිස් කිමිදුම්කරුවන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කලද ඊයේ (6) සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා
මියගිය පුද්ගලයා ඥාතීන් විසින් හඳුනා ගත් බවත් ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.