Sat. Jun 28th, 2025

පාසල් යනවා කියා මිහින්තලේ ගිය 8 වසරේ සිසුවියන් දෙදෙනාට වුණු අහස පොළව නුහුලන අපරාධය

Aug21,2024

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියක⁣ට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කළ පුවතක් වාර්තා වුණා.

මිහින්තලේ පොලිසිය පැවසුවේ අතවරයට ලක් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙක්..

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලිය පොදු වැසිකිලියට පැමිණ, පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී අදාළ සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන් ප්‍රකාශ කර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *