තමන්ගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත් හේතුවෙන් නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බවයි පැවසෙන්නේ.
නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.
සිර දඬුවමට අමතරව, හිමිකාරිනියට නවසීලන්ත ඩොලර් 720 ක දඩ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පනවා ඇති බව සඳහන්