නව ජනාධිපතිවරයාට ඉදිරි මාස 03ක කාලයක් සඳහා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තත්වය සහිතව බාර දීමට හිටපු ජනපති විසින් කටයුතු කළ බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා.
පෞද්ගලික නාලිකාවක දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
හිටපු ජනපතිවරයා ඉදිරි කාලය සඳහා රටට අවශ්‍ය කරන ඉන්ධන ඇනවුම් කර භාවිතයට ගත හැකි පරිදි ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි කරයාම සම්බන්ධයෙන් ඔහු එහිදී ස්තුතිවන්ත වූ අතර ඔහු ජනාධිපති ධුරයෙන් නික්ම යාමේදී කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකර නැති බවද මෙහිදී සඳහන් කළා.
“කිසිම sabotage එකක් නෑ. ඇත්තටම මේක කඩාකප්පල් කිරීමේ අරමුණෙන් තෙල් Order කරන්නේ නැතුව. සල්ලි හිරකරලා එහෙම ප්‍රශ්නයක් නෑ. ස්තූතිවන්ත වෙනව , එතුමට අපිට අපේ කටයුතු රටවැසියන් වෙනුවෙන් කරගෙන යන්න ඉතාමත් පහසු වාතාවරණයක් හදල දීලා ගියාට”
ඔහු වැඩිදුරටත් කියා සිටියා.