සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
නීතිඥ සුනිල් වටගල ඇතුළු ජාතික ජන බලවේගයේ නීතිඥයන් පිරිසක් විසින් ඊයේ (01) එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ තුෂාර විසින් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්.
මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ “අනුර කුමාර දිසානයක ප්‍රමුඛ කණ්ඩායම 22 වෙනිදායින් පසුව ව්‍යාපාර අත් පත් කරගන්නවා, ගෙවල්වලට පනිනවා, යාන වාහන ගන්නවා” යනුවෙන් තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
එය, හුදෙක්ම පටු, පෞද්ගලික දේශපාලන අරමුණකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් බව සුනිල් වටගල අවධාරණය කරනවා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ තුන්වෙනි වගන්තිය උල්ලංගණය කිරීමක් වන බව පෙන්වා දුන් නීතිඥවරයා නුදුරේදීම තුෂාර ඉඳුනිල් මහතාට එරෙහිව නීතීමය පියවර ගනු ඇති බවට විශ්වාස කරන බව ද ප්‍රකාශ කළා.