Sat. Jun 28th, 2025

පොල් හොරෙකුට වෙඩි ප්‍රහාරයක්

Mar4,2025 #coconut theif

කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කුලියාපිටිය, පිටදෙණිය ප්‍රදේශයේ දී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීමට ගිය පුද්ගලයෙකුට එහි මුරකරු විසින් ඊයේ (03) සවස එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

එම වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසි‍ය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *