Sat. Jun 28th, 2025

බස්නාහිර ගුරුවරුන්ට ටියුෂන් ගැන චක්‍රලේඛයක්: උල්ලංඝනය කළොත් වැඩ වරදී!

Dec23,2024 #education #news

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසලේ ම සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම තහනම පාසල් වේලාවන්හිදී, පාසලෙන් පසු, සහ සති අන්ත හෝ රජයේ නිවාඩු දිනවලටද අදාළ වෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ අත්සනින් යුත් චක්‍රලේඛය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පළාතේ සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත යවා තිබෙනවා.

එම රෙගුලාසි පිළිබඳව සියලුම ගුරුවරුන් දැනුවත් කරන ලෙසත් ඒවා කඩකරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් එහි අනතුරු අඟවා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *