Mon. Jun 30th, 2025

හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්

Aug12,2024

හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික් දේශපාලන හමුවක් අද පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සදහායි.

එහිදී රැස්වීමට පැමිණ සිටි සියලුදෙනා අත් ඔසවා එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඒකමතිකව තීරණය කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුලු මැති ඇමතිවරුන් රැසක් මෙම හමුවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *