Sat. Jun 28th, 2025

අගමැතිටයි දේශබන්දුටයි අනුරගෙන් අභියෝගයක්

Jul27,2024 #breaking news

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සම්බන්ධයෙන් අනුර කුමාර මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර මහතා,

“මේ ජනාධිපතිවරයා මේ මැතිවරණයට ටිකක් අර බල්ලා නාවන්න අරගෙන යනවා වගේ තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් තිබුණා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා. සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. මේ රනිල් වික්‍රමසිංහ මඟ හැරීම සඳහා කරන උත්සාහයට තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න. ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පුළුවන් නම් ඒක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා දිය රත් වෙනකම් තමයි කකුළුවා නටන්නේ කියලා. වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ.” යැයි පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *