අද (10) උදෑසන රත්නපුර මාදම්පේ ප්රදේශයේදී බස් රථයක් ගිනිගෙන තිබෙනවා. ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබු මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති අතර පුද්ගලයන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.
බස් රථය ගිනිගත් හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එම ගින්න නිසා බස් රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.