Sat. Jun 28th, 2025

රනිල්ගේ රැළියට ආ ජීව උණ්ඩය

සන්තිවේලි ප්‍රදේශයේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියකට සහභාගී වෙමින් සිටි පුද්ගලයකු ජීව උණ්ඩයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි මෙම තරුණයාගේ මුදල් පසුම්බියේ තිබී ආරක්ෂක පරීක්ෂාවකදී ‘84S’ නමැති අවියට භාවිත කරන ජීව උණ්ඩය සොයාගත් බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත්, මීට වසර 2කට පමණ පෙර මාර්ගයක තිබී සොයාගත් උණ්ඩය තමන් සන්තකයේ පැවැති බවයි තරුණයා ප්‍රකාශ කර තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *