බ්‍රිතාන්‍ය ජාතික තරුණියක ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දෙන් වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
33 හැවිරිදි මෙම තරුණිය තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඇල්ල සංචාරක පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට හැකි වුණා.
සුවසැරිය ගිලන්රථ සේවාවක් මගින් ඇය කඩිනමින් රෝහල කරා රැගෙන යාමටයි පියවර ගැනුණේ.