Sat. Jun 28th, 2025

පාන් ගෙඩියක සහ රෝල්ස් එකක වීදුරු කැබලි

May28,2024

යාපනයේ ප්‍රදේශ දෙකකින් පාන් ගෙඩියක් හා බිත්තර රෝල්ස් එකක් මිලට ගත් පාරිභෝගිකයන් දෙදෙනකුට වීදුරු කැබැල්ලක් හා යකඩ කම්බියක් 26 දා හමු වී තිබෙනවා

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පාරිභෝගිකයකු පාන් ගෙඩියක් නිවසට රැගෙන ගොස් එය පෙතිවලට කැපීමේදී පාන් ගෙඩිය තුළ තිබී කැබලිවලට බිඳුණු බියර් බෝතලයක ලොකු ප්‍රමාණයේ වීදුරු කටුවක් හමු වී ඇත

යාපනයේ මන්දාරමඩම් ප්‍රදේශයේ පාරිභෝගිකයකු වෙළෙඳසලකින් මිලට ගත් බිත්තර රෝල්ස් එකක් එම වෙළෙඳසල තුළ අනුභව කරමින් සිටියදී ඒ තුළ තිබී අඟල් හතරහමාරක් දිග යකඩ කම්බියක් හමු වී තිබේ.

මෙම පාරිභෝගිකයන් දෙදෙනාම මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ වෙළෙඳසල් දෙකම වටලා තිබේ.

වෙළෙඳසල් හිමියන් දෙදෙනාගෙන් හා පාරිභෝගිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙන්දන් දෙදෙනාට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

මෑත කාලයේ සිට යාපනයේ ආපන ශාලාවලින් මහජනතාව විසින් මිලට ගන්නා විවිධ ආහාර ද්‍රව්‍යවල විවිධ දේවල් හා අපවිත්‍ර ද්‍රව්‍ය තිබී හමුවී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *