බිළිඳු මළසිරුරක් නුවරඑළිය බොරලන්ද ඇළ මාර්ගයක් අසල තිබී අද (13) හමුවී තිබෙනවා.
නුවරඑළිය පොලීසිය පැවසුවේ ඒ ඉපදී දින කිහිපයක් ගතවූ බිළිඳෙකු බවයි.
එමෙන්ම මළසිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවත් පොලිසිය සඳහන් කළා
සිද්ධිය සම්බන්ධයෙන් එම ප්රදේශය අවට රෝහල් හා පොලීසි සියල්ල දැනුවත් කර අදාළ මළසිරුර හිමි දරුවාගේ දෙමාපියන් සෙවීමට නුවරඑළිය පොලීසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා.