Wed. Jun 25th, 2025

යතුරු පැදි අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් මරුට

Aug23,2024

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ පා පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ කුකුරම්පොල ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙක්.

තුවාල ලැබූවන් කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනකු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *