Sun. Jun 29th, 2025

පැය 12 ක ජල කප්පාදුවක්

Aug9,2024

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

එම නිවේදනයට අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව , නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කෙරෙන අතර ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *