ඇත්ගල – උලපනේ ප්රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඊයේ (7) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ උලපනේ ප්රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ කාන්තාව සිය මුනුපුරා, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමඟ එකම නිවසක පදිංචිව සිට ඇත.
මුනුපුරාගේ බිරිඳගේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ වන විට මුනුපුරා නිවසේ නොසිටි බව පසුව අනාවරණය විය.
ඝාතනය සිදුකළ 32 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.