ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයක දී එම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින අතර අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සිටින බව පොලිසිය පවසනවා.
පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණු අතර එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලිසිය පවසනවා.
එලෙස ඝාතනයට ලක් වුණේ 29 හැවිරිදි මියගිය පුද්ගලයා අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසනවා.