Sat. Jun 28th, 2025

කෝටි 7ක් උස්සන් ගිය සැකකරුවෙක් මාට්ටු

Nov20,2024 #news #police


ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 7ක මුදලක් රැගෙන පලා යෑමේ සිදුවීමට අදාළ සැකකරුවන් අතරින් අයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (19) දින අත්අඩංගුවට පත් මේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් කෝටි 3කට අධික මුදලක්ද සොයාගෙන ඇති බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාලය පවසනවා.

මෙම ආයතනය විසින් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවකට අයත් මුදල් කෝටි 7කට අධික මුදලක් මළු වල දමා වෑන් රථයේ ගෙන ගොස් ඇති අතර රියදුරු සමග ගිය නිලධාරීන් සිව් දෙනා රථයෙන් බැස්ස පසු රියදුරු මුදල් සමග පලා ගොස් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *