Sun. Jun 29th, 2025

විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 685ක් අත්අඩංගුවට

Aug16,2024

ඊයේ දිනය තුළ සිදුකළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් සහ සැකකාරියන් 685 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23 දෙනෙකු වැඩිදුර විමර්ෂණ සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

සැකකරුවන් තුන් දෙනෙකුගේ වත්කම් විමර්ෂණය කිරීමට ද නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 281ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පෙති 1037ක් හා වෙනත් මත්ද්‍රව්‍ය රැසක් ද මෙහිදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *