Sat. Jun 28th, 2025

රටේ නම ලොවට ගෙන ගිය අපේ කායවර්ධන ශූරයා

Aug26,2024

ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය මගින් සංවිධානය කර තිබූ Diamond Cup – Lebanon ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් , ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර් 175 (Fit Model)ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් , සෙන්ටි මීටර් 173 ( Mens Physique ) ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනා ගෙන තිබෙනවා.

ඔහු අද (26) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා

මෙම ප්‍රථම සහ දෙවන ස්ථාන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් රන් සහ රිදී පදක්කම් ප්‍රදානය කිරීම වෙනුවට කුසලාන සහ සහතික පත්‍ර ලබා දුන් බවයි ඔහු සඳහන් කළේ

මෙම ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලිය ඉකුත් 08/23 සිට 08/24 දින දක්වා ලෝකයේ රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ලෙබනනයේ බේරූට් නුවර පවත්වා තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *