එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී බංග්ලාදේශ රජයට එරෙහිව විරෝධතාවල නිරතවූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබෙනවා.
බංග්ලාදේශයේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමිනුයි මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විරෝධතාවල නිරතවී ඇත්තේ.
ඔවුන් අතරින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක් පුද්ගලයෙකුට වසර 11ක් සහ අනෙක් 53 දෙනාට වසර 10 බැගිනුයි සිරදඩුවම් නියම කර ඇත්තේ.
මේ අතර රජයේ රැකියා කෝටාව අවම කරමින් බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අද දිනය තුළ දී බංග්ලාදේශ රජය ක්‍රියාවට නංවනු ඇති බවට විදෙස් මාධ්‍ය නිවේදනය කරනවා.
මේ වන විට එරට තුළ සාමකාමී වතාවරණයක් ගොඩ නැගී ඇති අතර පසුගිය සතියේ දී විරෝධතාකරුවන් හා පොලිසිය අතර හටගත් ගැටුම්වලින් 150කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.
එමෙන්ම 500 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.