පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළ බව වාර්තා වෙනවා.
පාලන මිලට වැඩි මුදලකට සහල් අලෙවි කරන සහ සහල් තොග සඟවා ඇති පුද්ගලයන් සොයා අදත් (11) මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.
කිසිසේත් මිල වැඩිකර අලෙවි නොකරන ලෙසයි වෙළෙඳුන්ට දැනුම් දී ඇත්තේ. සාමාන්‍ය ව්‍යාපාරයක නම් රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බව පැවසෙනවා.