Sat. Jun 28th, 2025

ශිෂ්‍යත්ව නඩුවේ තීන්දුව ලැබේ

Dec31,2024 #exam results #judiciary #law

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.

ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *