Sat. Jun 28th, 2025

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 42 ක් විපක්ෂයේ අසුන්වලට!

Nov18,2024 #election 2024 #news #slpolitics

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කොටසට අදාළ අසුන්වල ප්‍රමාණය මදිකම හේතුවෙන් නව රජයේ මන්ත්‍රීවරු 42කට විපක්ෂය කොටසේ අසුන් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසනවා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් වෙන් කර ඇත්තේ අසුන් 116ක් පමණක් වන අතර මෙවර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 159කි. කතානායකවරයා හැරුණු විට ආණ්ඩු පක්ෂයේ 158ක් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවශ්‍ය බවයි පෙනී යන්නේ.

කෙසේ වෙතත් පළමු පාර්ලිමේන්තු දා වන 21 වැනිදා කැමැති අසුනක අසුන් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට හැකි වුවත් පසුව විධිමත් ලෙස අසුන් පැණවෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *