Mon. Jun 30th, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40ක් පිල් මාරුවට සූදානම්?

Jun16,2024

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් කරමින් පිල් මාරු සඳහා සූදානමකින් සිටින බව වාර්තාවනවා.

ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් ඒ අතර ප්‍රධාන පක්ෂවල තනතුරු දරන 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවත් එම පිරිස අතර සිටින බවයි පැවසෙන්නේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානමින් සිටිද්දී ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටද සූදානමක සිටින අතර තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජාතික ජන බලවේගය සඳහා සහාය දීමටද සූදානමකින් පසුවෙයි.

මෙම මෙම පිරිස දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් සිටින අතර අදාළපියවරයන් මැතිවරණය කැඳවීමෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *