Sat. Jun 28th, 2025

අම්මාට පහර දී තරුණියක් පැහැරගෙන යමින් සිටි තරුණයින් 4 දෙනෙකු අත්අඩංගුවට

Aug30,2024

වවුනියාව ප්‍රදේශයේ තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාපනයට රැගෙන යමින් සිටි තරුණයින් හතර දෙනෙකු ඊයේ රාත්‍රියේ වවුනියාව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය වවුනියාවේ කොක්වෙලිය අරසඩි පාරේ නිවසක සිටියදී තරුණයින් පැමිණ ඇයගේ මවටද පහර දී ඇයව බලහත්කාරයෙන් වෑන් රථයේ නංවා ගෙන පලා ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් වෑන් රථය ගමන් කළ දිශාවට ගොස් තරුණිය පැහැර ගෙන යමින් සිටි පිරිස හා වෑන් රථය මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙම් පලහිලව්වක් මත එම තරුණයින් හතර දෙනා තරුණිය පැහැර ගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම තරුණයින් හතර දෙනාගෙන් එක් තරුණයෙකු කලකට පෙර මෙම තරුණියට පෙම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

තරුණිය පැහැරගෙන ඇත්තේ යාපනයේ මනියතෝට්ටම්, ඉරණපාලෙයි හා චුන්නාකම් යන ප්‍රදේශවල පදිංචි තරුණැයින් හතර දෙනෙකු විසින්.

තරුණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කොට තිබෙනවා.

තරුණයින් සිව්දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *