Sat. Jun 28th, 2025

කෝටි ගණනක හෙරොයින් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Jun27,2024

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 492 ක් ත්‍රීරෝද රථයක්, කැබි රථයක් හා යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු ජංගම දුරකථන 02 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තුප්ලහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නෙහොත් කුඩු රොෂාන් හා සෝබනාහංදිගේ ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් බවට හා දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ දකුණු වෙරලින් මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය මොවුන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලය ඔස්සේ කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *