Tue. Jun 24th, 2025

ලංගමට නව පත්වීම් 370ක්

Jul16,2024

ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩිපෝ තුළ පවතින රියැදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිතයි.

මේ වන විට බස්නාහිර පළාත තුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියැදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙනවා.

මෙලෙස බඳවා ගන්නා රියැදුරන් සහ කොන්දොස්තරවරුන් වසර තුනක් අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත තුළ තමන් අනුයුක්ත කළ ඩිපෝවේ සේවය කළ යුතු අතර කිසිදු දේශපාලන බලපෑමක් මත එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *