Sun. Jun 29th, 2025

Jul16,2024

සංවර්ධනය සඳහා ධණාත්මක නව චින්තනයක් අවශ්‍යයි – අගමැති

පළාත් පාලන ක්ෂේත්‍රයට පුනර්ජීවන බලශක්තිය එක් කිරීමට නොබියවම තීරණ ගත්තේ දේශීය ණය සංවර්ධන අරමුදල බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී පැවැති දේශීය ණය සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන ආයතනයන්හි කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පල කළා

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

දේශීය ණය සංවර්ධන අරමුදල මේ කාලපරිච්ඡේදයේ මුහුණ දෙන ගැටලු සමගින් අලුත් උත්සාහයකට මුහුණ දෙමින් සිටිනවා. පළාත් පාලන ක්ෂේත්‍රය අපේ රටේ සංවර්ධනයේ පහළම සක්‍රීය සේවාවයි. මහජනයා සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීම, සේවා සැපයීම වෙනුවෙන් නිර්මාණය වුණු ආයතනය හැටියට අපි පළාත් පාලනය අත්‍යවශ්‍ය පදනම හැටියට පිළිගන්නවා. පළාත් පාලනය දීර්ඝකාලීන විකාශනයේ දී පළාත් පාලන අරමුදල විශාල සේවාවක් දායකත්වයක් ඉටුකර දී තිබෙනවා. ඒ නිසාම පළාත් පාලන අමාත්‍යංශයත් 1987 පසු පළාත් සභා ආයතනත් එක්ව කටයුතු කරන්නට මෙම ආයතනය සුවිශේෂ උත්සාහයන් සහ පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා.

හැම ක්ෂේත්‍රයක්ම මූල්‍ය කළමනාකරණය දුර්වලයි කියලා ජාත්‍යන්තරව චෝදනාවක් එල්ලවුණා. රාජ්‍ය බැංකු හරියාකාරව කළමනාකරණය කොට නිවැරදි ආයෝජනයන් සඳහා අවතීර්ණ නොවීම නිසා මූල්‍ය ක්ෂේත්‍රවල විශාල අර්බුදයක් පැමිණියා. දේශපාලනඥයන් හැටියට මේ බව පිළිනොගත්තත් දේශපාලනඥයන්ට මේ අර්බුදය උත්සන්නම වුණු අවස්ථාව තමයි අපේ මූල්‍ය ක්‍රමය ඇණ හිටීමකට පරිවර්තනය වුණු අර්බුදය.

අනෙක් ආයතන වගේම දේශීය ණය සංවර්ධන අරමුදලද අලුතෙන් කල්පනා කරන්න පුළුවන් ක්ෂේත්‍ර ගැන අවතීර්ණ වුණා. ඒ අවතීර්ණ වීමේදී පළාත් පාලන ක්ෂේත්‍රයට පුනර්ජීවන බලශක්තිය එකතු කරන්න නොබියවම තීරණ ගත්තේ මෙරට බැංකු අතරින් ඔබ ආයතනයයි. සංවර්ධනය සඳහා එවැනි ධණාත්මක නව චින්තනයක් අවශ්‍යයි. බැංකු සල්ලි දාන්න බයයි. කණගාටුවෙන් වුණත් අද කියන්න ඕනේ. බැංකු වලට සල්ලි දාන්න පුළුවන්කම තිබුණ නම් විදුලි බල මණ්ඩලය ඒ නීතියට ඉඩ දීලා තිබුණ නම් සූර්ය බල ශක්තිය ලංකාවේ හුඟක් ඉදිරියෙන් තියෙනවා.

දවසකට පැය 24න් පැය දොළහක් අපට තිබෙන දායාදය වූ සූර්යතාපය පාවිච්චියෙන් ඇතිකර ගත හැකි විදුලිය ඒ වගේම සුළං බලයෙන් ඇති කරගත හැකි විදුලියට පළාත් පාලන ආයතන අවතීරණය වීම සිදුවුණේ බොහොම පසුගාමීවයි. අපේ පළාත් පාලනය මේ අභියෝග හරහා ගමන් කළ යුතුයි. ඒ ඉදිරි පියවර ගත්තෙ දේශීය ණය සංවර්ධන අරමුදලයි. අද රට පුරාම වියදම අඩු කරගන්න පුළුවන් මාර්ග පිළිබඳව රජයේ ආයතන, රාජ්‍ය නොවන ආයතන කටයුතු කරන වෙලාවේ දේශිය ණය සංවර්ධන අරමුදල ඉදිරියෙන්ම තීරණයක් ගත්තා. යථාර්ථය ඒකයි.

බැංකුවක් හැටියට තනියම තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් බැංකු ඔක්කොටම මේ තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම වුණේ නැහැ. ඔබ බැංකුවක් හැටියට පළාත් පාලන ආයතනයකට මහ නගර සභාවකට ණයක් දෙන්න ගත්ත තීරණය අපේ පළාත් පාලනයේ හා ලංකාවේ බැංකු ක්‍රමයේ විශාල වෙනසක් ඇතිකරාවි. අවුරුදු සියයක් ගියා බය නැතුව මේ තීරණය ගන්න.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව සහයෝගය දක්වා තිබෙනවා අපේ අපද්‍රව්‍ය කළමණාකරණය කර ප්‍රයෝජනයට පරිවර්තනය කරන්න. පළාත් පාලනයෙන් ගෙයක් හදනකොට අනුමත කරන්න අරගෙන එන්නේ ඔබේ ආයතනයටයි.

ගෙවල් දොරවල් ගොඩනැගිලි හදනකොට හැම ඉල්ලුම් පත්‍රයක්ම බාර දීලා අනුමැතියක් ගන්න ඕන පළාත් පාලන ආයතනයෙන්.අලුතෙන් එන ඉල්ලුම්පත්‍ර සලකා බලත්දි සූර්ය තාපය සියයට පහළොවක් ඉදිකරන ගොඩනැගිල්ලක තිබිය යුතු ලෙස අපේ පළාත් පාලන ආයතන වලට සක්‍රීය වන ලෙස උපදෙස් දෙනවා. පළාත් සභාවලටත් එම සක්‍රීයත්වය පවත්වාගෙන යන්න උපදෙස් දෙනවා. එහෙම කළොත් තමයි ක්‍රමානුකූලව වෙනසක් ඇති වෙන්නේ.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් සමරවික්‍රම, සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ, යදාමිණි ගුණවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව, ආසියා පදනම නියෝජිත පිරිස, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දේශීය ණය සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරී කේ.ඩී චිත්‍රපාල, පළාත් සභා ලේකම්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *