නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13ක පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
මෙම ඖෂධ කාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් රහස් පොලිසියටද පැමිණිලි කළ බව කී සභාපතිවරයා, මේවා ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධ විමර්ශනයක් ඉල්ලූ බව සඳහන් කළා.
පසුගිය වසර තුනේ පමණක් මෙලෙස ප්‍රමිතියෙන් තොරවූ බවට තහවුරු වූ ඖෂධ කාණ්ඩ 300ක් පමණ භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
මෙම බාල ඖෂධ ගෙන්වූ නිලධාරීන් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි පැවසෙන්නේ. මෙය තවදුරටත් ඇති නොවීමට නව සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත යුතු බව සභාපති චමල් සංජීව අවධාරණය කරනවා.