Sat. Jun 28th, 2025

ගෝඨා සමඟ පොහො‌ට්ටුවේ 30ක් රනිල්ගේ වේදිකාවේ?

කඩවත නගරයේදී 21 දිනයේ පැවැත්වීමට සංවිධානය කර ඇති ‘එක්ව නැගිටිමු’ ජනරැළිය සඳහා ශ‍්‍රී ලංකා පොදු ගැන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තිස් දෙනකුට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිටපු සභාපතිවරුන් 19 දෙනාගෙන් 15කට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව ඇති බවත් සඳහන්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම රැලිය සඳහා සහභාගී වන බවට පොරොන්දු වී සිටි නමුත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුගේ සහභාගි වීම අවිනිශ්චිත බවයි ප්‍රසන්න රණතුංග පවසන්නේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්නයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *