Sat. Jun 28th, 2025

බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27ක්

Jul29,2024

13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ” සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ” ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සංගීත තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 21 දින සිට 27 දින දක්වා ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

ඔවුන් මෙම ජයග්‍රහණ රැගෙන ඊයේ (28) දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ” සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ” කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *